ජීවිත තොරතුරු

සුනිල් සරත් පෙරේරා නාමය අද්‍යතන ලංකා සමාජයෙහි ස්ථාපනය ව ඇත්තේ විෂය ක්ෂේත්‍ර ගණනාවකට විශිෂ්ට සම්ප්‍රදානයක් සිදු කළ විද්වතකු, කලාකරුවකු, පරිපාලකයකු වශයෙනි. ඔහුගෙන් මහාර්ග සම්ප්‍රදානයක් සිදු වූයේ සිංහල ගීත රචනා ක්ෂේත්‍රයටයි. එමෙන්ම කවිය, ජන මාධ්‍යය, පාරිසරික සාහිත්‍යය, ළමා සාහිත්‍යය, ආයතන පරිපාලනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් ඔහුගේ බුද්ධි නෛපුණ්‍ය‍යෙන් ද අද්විතීය කාර්ය සාධන ශක්‍යතා‍වෙන් ද ප්‍රභාවත් විය. මේ හැම ක්ෂේත්‍රයකම “සුනිල් සරත් ලකුණ ’’ පිහිටුවාලීම ඔහුගේ සුවිශේෂ ලක්ෂණයයි.

පවුලේ තොරතුරු

1943 මාර්තු 05 වන දා කිරිල්ලපනේ දී උපත ලද සුනිල් සරත් පෙරේරා ගේ පියාණෝ එම්.ඇල්බට් පෙරේරා නම් වූහ. මෑණියෝ සුසියන්ද අල්විස් වෛද්‍යරත්න නම් වූහ. ඔහුට නන්දනී හා පද්මිණී නමින් බාල සොහොවිරියෝ දෙදෙනෙක් ද සිටිති. ලුම්බිණි විදුහලින් අධ්‍යපනය ලද ඔහුගේ කලා හැකියාව පාසල් වියේදීම කැපී පෙනිණි. පාසලින් ලද අධ්‍යාපනය මෙන්ම බම්බලපිටියේ සිරි වජිරාරාමයේ දහම් පාසලින් ලද දහම් දැනුම ඔහුගේ දිවියට මහඟු බලපෑමක් කළේය.

භද්‍ර යෞවනයේ දීම හතර කෝරළයට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇඹුල්අඹේ නම් ගම් පියසෙහි සරෝජනී හේමලතා ඉලංගන්තිලක මෙනවිය හා විවාහ පත් වීම සුනිල් සරත් දිවියට ඉමහත් ආශිර්වාදයක් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අභීෂ්ට භාර්යාවක වූ ඕ තොමෝ සිය සැමියා ගේ ජීවිතය හා අවියෝජනීය ලෙස බැ‍දෙමින් ඔහුගේ කුදු මහත් සියළු කටයුතු නොපිරි‍හෙලා ඉටු කරමින් 2012/02/ දින දිවියෙන් සමු ගන්නා තෙක් ම නියම සහධාර්මිණියක් වූවාය. සුනිල් සරත් යුවළට අමිලා සංජීවි, උවිනි පියුමා, උදාර සුධාවිනී, සුසංගතා එරනිදනී යන දියණිවරුන් සිවු දෙනාගේ දෙමාපිය බව ලබන්නට භාග්‍යවත් වූහ.

සුනිල් සරත් පෙරේරා

ග්‍රන්ථ කර්තෘවර

සුනිල් සරත් පෙරේරා

මාධ්‍ය

සුනිල් සරත් පෙරේරා

සේයා රූ

සුනිල් සරත් පෙරේරා

පුවත්

Meet Well-known Sinhala song lyricist Mr; Sunil Sarath Perera in Melbourne with his show “Erandathiya Enawa”

Well-known environmentalist, author and lyricist Mr; Sunil Sarath Perera will be presenting his lyrics with Melbourne based Sinhala singers at the Erandathiya Enawa musical evening in Melbourne this weekend.SBS Sinhalese program spoke to Mr Sunil Sarath Perera on this occasion….

Sunil Sarath's 'Me maha kanda' - a treat to the ears

How satisfying it is to listen to some meaningful songs in an age when all types of worthless stuff is churned out in the name of Sinhala music. The meaningless ones are constantly heard over radio, they blast your ears when you go past shops selling CDs and DVDs (and there are plenty down streets and in markets in every town) and even in buses and vans. Often they are a nuisance though many of us like to enjoy a little music at the right time at the right place.

සුනිල් සරත් පෙරේරා

විමසීම්

133, මායා මාවත, (ශ්‍රී නිස්සංක මාවත),
කොළඹ -06.

Can't read the characters here? refresh